Wednesday, December 22, 2010

දෙවෙනි දවස - චන්ඩි හදුනා ගැනීම්

ඔන්න දැන් ඉතින් චා වෙන්න පටන් ග්ත්තනේ , ඒ අතරෙ තියෙනව මෙන්න මේ වගෙ පුරුද්දක් , ඒ කියුවෙ දැන් අපේ බැච් එකත් එක්ක සින්නෙකුත් එනවා අලුතෙන් ආපු එකෙක් විදියට , ඔය විදියට අපෙත් ආවා කෙනෙක් එය තමයි අපිට කියන්නේ , මෙහෙමයි මචන් සීන් එක උන්ට කතා කරන්න ඕන ජේශ්ඨ උත්තමයෝ කියලා කෙල්ලොන්ට උත්ත්මී කියලා ඉතින් අපිත් ඔය අතරේ ටෝක්ස් ඉශූ කරනවා අහ්හ ඇත්තත්ද කොහෙ යන එව්වොන්ටද අපි මේ උත්තම්යෝ කියන්නේ අරකයි මෙකයි.

ඔය අතරෙ සින්නො පනිනවා අපේ හොස්ටෙල් එකට පැනලා අර එගොල්ලොන්ගෙ බැච් එකෙන් ආපු එකාට හොන්දට අමතනවා (අමතනවායි කියන්නේ හොන්දම වචන වලින් කත කරනවා කියන එකයි.). පස්සේ සෙට් එක පොරට බැනලා බැනලා ගිය යන්න. ඒ පාර් මිනිහා අපිව ෆෝර්ම් කරනවා අපි අල්ලගෙන දෙමුද සින්නොන්ට කියලා. ඒ පාර් ඔක්කොම එකතු වෙලා ප්ලෑන්ක් ගහනවා කොහොමද මුන්ට ගහන්නේ කියලා.

අනේ දෙයියනේ ඊලග උදෙ බලද්දි අර ඩ්ය්ල් එක නෑ,හවස් වෙනකොට මූ බහිනවා කැන්ටිමට සින්නො සෙට් එකත් එක්ක. ඔන්න ඔහොමයි මුලින්ම බැච් එක අතුලෙ ඉන්න චන්ඩි ටික මීට්‍ර් කරගන්නේ.

0 comments:

Post a Comment