Wednesday, December 22, 2010

අලුත් විදියට පටන් ගමු

ඔන්න අපේ එකෙක් දුන්නා අලුත්ම අලුත් පට්ට සොෆ්ට්වෙයාර් පාරක් මට බ්ලොග් ලියන්නයි කියලා. මේක නම් පට්ට ලේසි සීන් එකක් තියෙන්නේ. එල අවුලක් නෑ මම අද පටන් ගන්නම් කැම්ප්ස් ආතල් ටිකකින්. ගනන් ගන්න නම් එපා මේ ලියුවට එක පාරටම මගේ mood අවුල් වෙච්ච ගමන් වෙන විකාර එහෙමත් ලියුවට !!!

ඔන්න ඉතින් කස්ටිය දන්නව අතිනනේ කොල්ලාගේ කැම්පස් එක මොකක්ද කියලා.  Sabaragamuwa University of Sri Lanka කියලා තමයි බෝර්ඩ් එකේනම් ගහල තියෙන්නේ ඒත් කට්ටිය කියන්නේ "සබරා" කියලා , ආදරේට වෙන්න ඕන මම හිතන්නේ !!!

අපිත් ඉතින් යනකොට හිතාගෙන හිටියේ ගින්දර වගේ ඇතියි කියලා, හිතුවත් වගේම පට්ටම ගින්දර. අපේ faculty එක තිබ්බේ බුත්තල. දැන් ඉතින් සිතියම් පෙරලන්න ඕන් නෑ. මෙන්න මේකට ගියොත් බලාගතහැකි (Buttala City).

කොහොම කොහොම හරි පැය 8ක් විතර ගමනකින් පස්සේ අවා අපේ යුනි එකට (ලොල්) ,  ආවෙ අපේ මාමායි , අම්මයි එක්කලා. ඔන්න එනකොටම රැකගෙන ඉන්නව අපේ සින්නෝ, හැබැයි මම දැනගෙන හිටියා මේකෙ රැග එහෙම තියෙනවා කියලා නොසෑහෙන්නම, ඒත් ඉතින් මොකෝ කොහොමහරි කට්ට කනවයි කියල හිතාගෙන හිටියේ. ගිහින් පලවෙනිම දවසේ තියෙනවා ලමයි හා දෙමාපිය හමුව.ඒ දවස් වල මගේ කොන්ඩෙ තියෙනවා කන ගාවට වගේ, මීටිමට යන්න ලෑස්ති වෙද්දි පරක්කුයි ,දිවුවා හෝල් එකට අපි සෙට් එකම. කොන්ඩෙ අවුල් වෙයි කියලා පොඩි ලයින් එකට වගේ ඉතින් මම දිවුවෙ කොන්ඩෙත් අල්ලගෙන ඔන්න සින්නොන්ට පොයින්ට් අවා මට රැග් කරන්න ඕන් කොහොමද කියලා. ඔතනින් පටන්ගත්තා අපේ රැග්. අහ් මට කියන්න අමතක උනානෙ අපේ මාමාගේ දුව ඒකියන්නෙ මගේ අක්කාකෙනෙකුත් ඉන්නවා සින්නොන්ගෙ බැච් එකේ.

කොහොම හරි දැන් එක එකාගෙ විස්තර අනන් මනන් එහෙම අහගෙන යනවා රැග් අතරතුරෙදි. ටිකෙන් ටික ආවා මම ගාවටත්. අම්මට සිරි කියුවලු එකෙක් නැගිටල කියුවා (සින්නෙක්) , ලොක්කා (නම් , කාඩ් දැනගන්නවට රැග් කාලෙ එහෙම තමයි කොල්ලන්ට කතා කරන්නේ) මූ තමයි එදා අර කොන්ඩෙ අල්ලන් දුවපු එකා කියලා. අනේ දෙයියනේ මගේ ඔලුවෙන් තරු දෙකක් පැන්නා. මොනවා කොරන්නද :(  සන්ග් ගාලා අවා අක්කගෙ යාලුවෙක් එතනට , උම්බ මේක තියාගෙන හැමදාම එද්දි දාගෙන වරෙන් කියලා දුන්නේ නැතැයි wool band එකක්. ඔන්න ඔය විදියට තමයි රැග් එකේ චව් වෙන්න පටන් ගත්තේ.

0 comments:

Post a Comment